ජීවිතේ දුර ගිහින්ලං වෙන්න බෑ යළිත්
වූවා නොවෙයි අමතක..
..කළා මං අමතක,
ආයාසයෙන් .. ගොඩක්!. වස්තුවෙ, ගොඩක්!
එක් වෙන්න බැරි නිසා
හැමදාම දුක් විඳල ,
තේරුමක් නැති නිසා
වෙන්වෙමු අපි ආයේ
හමු නොවෙන්න කිසි දිනේ
හදවතින් වත් ..සිතිවිල්ලකින් වත් ..
එත් ...
පිණි කඳුළු ගලා
මහ නදිය උතුරා
පිටාරා ගලලා -
-සතුට මගේ
අරන් ගිහින්..,
මහා මුහුදට - විසි කරලා
මිටියාවත මතින්
දේවදාර
ගස් අතරින්
ඉර හඳ සේ ..
ඉන්නම් හොරෙන්
හදවතේ ළඟින් ..
මියැදෙන්න දෙන්නේ නැහැ
අඬලා සොවින්..
මේ මගේ ..නමින් .
No comments:
Post a Comment