Oct 8, 2009

TEA POSITIONS



වතු සේවක ශ්‍රේණිවල තනතුරු නාම සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

‍මෙතෙක් දළු කඩන්නා ලෙස හැඳින්වූ තනතුරු නාමය අස්වනු සහායක ලෙසත්, කප්පාදුකරු වෙනුවට වින්දක ලෙසත්, මුරකරු වෙනුවට ආරක්ෂක ලෙසත් හැඳින්වේ.

කංකානි යන නාමය කණ්ඩායම් අධීක්ෂක ලෙස ද, ලයින් ස්ටීපර් සුව සහායක ලෙස ද නම් කර ඇත. කම්කරු තනතුර මෙතැන් සිට සහායක ලෙස හැඳින්වේ.

මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් සපයන වතු ක්ෂේත්‍රයේ නිරතවූවන් සඳහා තම සේවාව ගෞරවාන්විතව සිදුකිරීමටත්, ඔවුන් වෙනුවෙන් සමාජය තුළ පිළිගැනීමක් ඇති කිරීමටත් මෙම තනතුරු නාම සංශෝධනය කළ බව විෂයභාර අමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

No comments: