Aug 22, 2009

News

  • ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා මේ මස 13 සිට විශ්‍රාම පූර්වක නිවාඩු ඉල්ලා ඇති බැවින්,පොලිස් නිල මාධ්‍ය ප්‍රකාශක ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පත්කර ඇත.

  • ජගත් තොරතුරු තාක්ෂණ දර්ශකයේ 72 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස් කළ වාර්තාවක් අනුව රටවල් 134ක් අතරින් ශ්‍රී ලංකාව 72 වන ස්ථානයට ළඟා වී සිටී. 2005 වර්ෂයේදී රටවල් 115ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වූයේ 83 වන ස්ථානයයි.

  • ජංගම දූරකතන භාවිතය ගුරුවරුන්ට තහනම් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.පාසල්වල දූරකතන භාවිතය තහනම් කර ඇත්තේ ශිෂ්‍යයන්ට පමණක් බවත් චක්‍රලේඛය අනුව ගුරුවරුන්ට පාසලේ දුරකතන භාවිතය තහනම් කර නැති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

No comments: